(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පුද්ගලයකු කැත්තකින් කොටා ඝාතනය කර සිරුර පුළුස්සා දමා ඉතිරි වූ සිරුරු කොටස් මුතුරාජවෙල වගුරු බිමේ සැඟ වූ බව කියන පුද්ගලයෙක් පමුණුගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ ඝාතනය කර ඇත්තේ පමුණුගම තුඩැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි කේ. මධුෂාන්රංග පෙරේරා නැමැත්තෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු මධුෂාන් නමැත්තා සමඟ මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු සැකකරු මෙවැන්නක් සිදු කර ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය ඇසුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

